අද දින දහවල් කාලයේ මීගොඩ පොලිස් වසමේ ගැහැනුවල ප්‍රදේශයේදී කාර් රථයකින් පැමිණ පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇති බවට හා වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට ලද තොරතුරක් මත මීගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මිය ගිය පුද්ගලයා වයස 46 වන පාදුක්ක වටරැක ප්‍රදේශයේ පදිංචි, හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ශාන්ත මුදුන්කොටුව බවයි වැඩිදුර ආරංචි මාර්ග පවසන්නේ.
