තබ්බෝව ජලාශයේ වාන් දොරටු සියල්ලම වසා දමයි

Share

තබ්බෝව ජලාශයේ වාන් දොරටු සියල්ලම මේ වනවිට වසා දමා ඇති බව පුත්තලම වාර්මාර්ග කාර්යාලය පැවසීය.

පැවැති අධික වර්ෂව හේතුවෙන් ඊයේ (25) දින උදෑසන වන විට එම තබ්බෝව ජලාශයේ වාන් දොරටු විස්සම විවෘත කර තිබුණි.

තබ්බෝව ජලාශයේ උපරිම ජල ධාරිතාවය උසින් අඩි 18ක් හා ඝණ අඩි ප්‍රමාණය අක්කර අඩි 15,400කි.

වාරිමාර්ග කාර්යලය පැවසුවේ අද 26 දින උදෑසන වනවිට එය උසින් අඩි17යි අඟල් 3ක් ව තිබූ බවයි.

Read more

Local News