හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.
මෙම කැඳවීම සිදු කර ඇත්තේ, වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යවරයෙකුව සිටි සමයේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ සිදු කළ අලුත්වැඩියාවක් සම්බන්ධයෙන් වන විමර්ශනයක් සඳහායි.
අදාළ කාලසීමාව තුළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා කටයුතු කර ඇති හෙයින්, ඒ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබෙනවා.