හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට පත් වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙනවා.
පුද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් භාවිත කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීමට ඔහු අද (22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
වාර්තා වන පරිදි, මෙම සංචාරය 2023 සැප්තැම්බර් 22 සහ 23 දිනවල සිදුව ඇති අතර, හිටපු ජනාධිපතිවරයා සමඟ තවත් දස දෙනෙක් ඒ සඳහා එක්ව සිටියා.
මේ පිළිබඳ විමර්ශන සඳහා මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්රා පෙරේරා යන මහත්ම මහත්මීන්ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශ සටහන් කරගෙන තිබෙනවා.