ආපදා තත්ත්වය හේතුවෙන් ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද වැසේ

Share

මතුව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් අත්තනගලු ඔය පිටාර ගැලීමත් සමඟ ගම්පහ අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් අද (28) දිනයේ වසා තැබීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

ඇතැම් ප්‍රදේශවල සහ අතුරු මාර්ග ආශ්‍රිතව ගංවතුර තත්ත්වය මෙතෙක් පහව ගොස් නැති බවට අධ්‍යාපන බලධාරීන්ගෙන් සහ මාපියන්ගෙන් ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව හෙට දිනය වෙනුවට වෙනත් සුදුසු දිනකදී අදාළ අධ්‍යාපන කටයුතු ආවරණය කිරීමට ක්‍රියාකරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර ලබන බදාදා (29) නැවතත් අදාළ පාසල් සුපුරුදු ලෙස පැවැත්වීමට නියමිතයි.

Read more

Local News