සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසු වෛද්‍ය වර්ජනය අත්හිටුවයි

Share

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (25) උදෑසන 8.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සහ GMOA විධායක කමිටුව අතර ඊයේ (24) රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළැඹ තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීමේ ක්‍රියාවලියේ අක්‍රමිකතා නිවැරදි කිරීම සඳහා GMOA සංගමයේ ඉල්ලීම්වලට ලිඛිතව පිළිතුරු ලබා දුන්නා. මෙම ලිඛිත එකඟතා අනුව ක්‍රියා කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී තිබෙනවා.

Read more

Local News