උතුරු නැගෙනහිර හෙද හිගයට විසදුමක් – සෞඛ්‍ය අැමති

Share

උතුරු නැගෙනහිර රෝහල්වල පවතින හෙද හිගය මගහැරවීම සදහා උසස් පෙළ විභාගය ඕනෑම විෂය ධාරාවකින් සමතුන් හෙද සේවයට එම පළාත් දෙකෙන් පමණක් බදවා ගැනීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.
ඒ අනුව 2015/2016/2017 වසර වල උසස් පෙළ විභාගයට ඕනෑම විෂය ධාරාවකින් පෙනී සිට සුදුසුකම් ලත් අයට හෙද සේවාව සදහා ඉදිරියේ දී අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
මෙම තීරණය කොළඹ දිස්ත්‍රික්කයට ද බලපාන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
මෙම තීරණයට අමාත්‍ය මණ්ඩලයේ සහ රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය ද හිමිව ඇත. 
දැනට දිවයින පුරා හෙද හෙදියන් 31000 කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන අතර, දැනට රෝහල්වල පවතින පුරප්පාඩු සංඛ්‍යාව 7000 කට අධික බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. 

Read more

Local News