දූෂණ චෝදනාවකට වරදකරු වී වසර 16ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ හිටපු උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය විසින් ගොනු කර ඇති ඇප අයදුම්පත සලකා බැලීම සඳහා කොළඹ මහාධිකරණය විසින් සැප්තැම්බර් මස 9 වන දිනට කල් තබා ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ අද (25) මෙම ඇප ඉල්ලීම කැඳවූ අතර, එහිදී විත්ති පාර්ශ්වයේ නීතිඥයන් විසින් අල්ලස් කොමිසම වෙත ලේඛන කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කරන තිබෙනවා.
ඉන් අනතුරුව, පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා නඩුව නැවත කැඳවීමට සැප්තැම්බර් 9 වන දින නියම කොට ඇති බවයි වැඩිදුර ආරංචි මාර්ග පවසන්නේ.