වතු නිවාස පෙළක ගින්නක් – නිවාස 4කට හානි

Share

කොත්මලේ පූඩළුඔය පොලිස් වසමට අයත් ඩන්සින්න වත්තේ මැද කොටසේ වතු නිවාස පේළියක (25) දින දහවල් හටගත් ගින්නකින් වතු නිවාස 4ක් ගිණිගෙන විනාශ වි ඇති බල පූඩළුඔය පොලිසිය දන්වා තිබෙනවා.
පෙ.ව. 11 ට පමණ එක් නිවසකින් ඇවිලුනු ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බවත්, එම නිවාස පේළියේ වතු නිවාස 20ක් පිහිටි බවත් පොලිසිය ප්‍රකාශ කොට තිබෙනවා.
පැතිර යමින් තිබූ ගින්න වතු කම්කරුවන් එක්ව වතු නිවාස පේළියේ සෙවිලි තහඩු සහ වහල ගලවා පාලනය කර ඇති අතර, ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News