නව රෙජිස්ට්‍රාර් ජනරාල් ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සේවය කළ අතිරේක ලේකම් සසිදේවි ජලදීපන් මහත්මිය 2025.08.25 වන දින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දී වැඩ භාර ගනු ලැබිණි.
වසර 160 කට වැඩි ඉතිහාසයක් ඇති රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා රෙජිස්ට්‍රාර් ජනරාල් ලෙස සසිදේවි ජලදීපන් මහත්මිය ඉතිහාසයට එක්වෙයි.
2003 වසරේ රාජ්‍ය පරිපාලන සේවයට එක් වූ එම මහත්මිය 2006 වසරේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස සහ 20015 වසරේ දිඹුලාගල ප්‍රාදේශ ලේකම් ලෙසත් සේවය කර තිබෙනවා.
ඉන් අනතුරුව 2018 වසරේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහාකාර ලේකම් ධුරයේත්, 2019 වසරේ ආර්ථික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සහ 2020 වසරේ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙසත් සේවය කර තිබෙනවා.
සසිදේවි ජලදීපන් මහත්මිය 2021 වසරේදී ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කර ඇති අතර රෙජිස්ට්‍රා ජනරාල් ලෙස කැබිනට් මණ්ඩලය අනුමත කිරීමට ප්‍රථම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් ලෙස සේවය කර තිබෙනවා.