තෙල් මිල සංශෝධනය වෙයි

Share

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස් වන අතර පැවති මිල රුපියල් 341යි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 299යි.

ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 283යි.

සුපිරි ඩීසල් ලීිටරයක් රුපියල් 12කින් පහළ දමා ඇති අතර නව මිල 313යි

ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු වී නොමැති බවයි දැනුම් දී තිබෙන්නේ.

Read more

Local News