ඊබ්‍රාහිම්ගේ කොළඹ ඉඩම ගැන අධිකරණ නියෝගයක්

Share

කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කරමින් මියගිය මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් කොළඹ 12, පැරණි යෝර්ක් වීදියේ පිහිටි ඉඩමක් වෙනත් පාර්ශ්වයකට පැවරීම වැළැක්වීමේ නියෝගයක් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින් කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට නිකුත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දී තිබේ. 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ඉරු දින ප්‍රහාරයට සම්බන්ධ මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවාට අයත් ඉඩම විකිණීම හෝ වෙනත් අයකුට පැවරීම වැළැක්වීම සඳහා මෙම නියෝගය නිකුත් කරන ලෙසයි CID ය ඉල්ලා තිබුණේ.

Read more

Local News