බොරැල්ලේ මාර්ගයක සිදුකරන අලුත්වැඩියාවක් හේතුවෙන් ගමනාගමනය සීමා කෙරේ

Share

බොරැල්ලේ මාර්ගයක සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.

මේ අනුව, බොරැල්ල පොලිස් වසමේ දේවී බාලිකා වටරවුමේ සිට ඩී.එස්. සේනානායක හන්දිය දක්වා කොළඹ දෙසට ඇතුළුවන මංතීරු අලුත්වැඩියා කිරීම හේතුවෙන් අද රාත්‍රී 7 සිට සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙන බවයි ආරංචි මාර්ග පවසන්නේ.

මෙම මාර්ගයේ ඉරිතැලීම් සහ ගිලාබැසීමක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවයි පොලීසිය දැනුම් දී ඇත්තේ.

මෙම තදබදය මඟහැරීම සඳහා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News