බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමක් හේතුවෙන් පුද්ගලයන් 1,000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම නායයාමෙන් දිවි ගලවා ගැනීමට හැකි වී ඇත්තේ එක් අයෙකුට පමණක් බව ඩාෆූර් ඇතුළු එම කලාපය පාලනය කරන සුඩාන විමුක්ති පෙරමුණු හමුදාව පවසනවා. මෙම සිදුවීම අගෝස්තු 31 වැනිදා සිදු වී ඇතත්, නිල වාර්තා අනාවරණය වී ඇත්තේ අද දිනයේදීයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සහන කණ්ඩායම්, මියගිය පුද්ගලයන්ගේ සිරුරු ගොඩගැනීම සඳහා සහය ලබා දී තිබෙන බවටයි වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
