සෝපාන ක්‍රියාකරු බියගැන්වීමේ නඩුවෙන් පුජිත්ට නිදහස

Share

හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර විසින් පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසල දී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරිමේ චෝදනාවලින් නිදහස් කිරීමට අද 3 කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. එම චෝදනා වලට අදාළ අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් කොටුව හිටපු මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද(03) නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවටයි වාර්තා වන්නේ.

එම සිද්ධිය රාජකාරියට අගතියක් සිදුව නැති බවට නිගමනය කරමින් මහේස්ත්‍රාත්වරිය සිය තීන්දුව ලබා දී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සී.සී.ටී.වී. දර්ශන වලට ඇතුලත් සාක්ෂි ගොනු කළ සීඩි තැටිය පසුගිය නඩු දිනයේ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනුයි ගොනු කර ඇත්තේ. නඩුව විවෘත අධිකරණයේ කැඳවන අවස්ථාවේ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර අධිකරණය හමුවේ පෙනී සිටි බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ. පැමිණිල්ල සමාදාන වූ බවට පැමිණිලිකරු මගින් ප්‍රකාශයක් ද ලබා දී තිබූ බවට වාර්තා වනවා.
ඉකුත් 2017 වසරේ අප්‍රේල් මස 11 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම පදිංචි ඒ එච් සමරකෝන් බණ්ඩා නිලධාරියාට පහරදීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට  හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහිව 2019-06.02 දා වැඩබලන පොලිස්පති වික්‍රමරත්න මහතා වෙත එම නිලධාරියා සිදු කළ පැමිණිල්ලකට අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කර ඇත්තේ. 

Read more

Local News