චීනයේ පැවති 80 වන විජයග්‍රාහී සැමරුම් උත්සවයට සමගාමීව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් චීන ජනාධිපති ෂී ජින් පිං ඇමරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට චෝදනා කර තිබෙනවා.
ඔහුගේ සටහනෙහි, ජනාධිපති ෂී ජින් පිං සහ චීන ජනතාවට සුබ ප්‍රාර්ථනා කළ ට්‍රම්ප්, ඒ සමඟම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙත ද තම සුබ පැතුම් පිරිනමන ලෙස ඉල්ලා සිටියේ, ඔවුන් එක්ව ඇමරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට චෝදනා කරමිනුයි.
මෙම සැමරුම් උත්සවය දෙවන ලෝක යුද්ධයේදී ජපානය චීනයට යටත් වීමේ 80 වන සංවත්සරය සනිටුහන් කළ අතර, ෂී ජින් පිං, පුටින් සහ කිම් ජොන් උන් යන නායකයන් තිදෙනාම ඊට සහභාගී වීම විදෙස් මාධ්‍යයන්ගේ අවධානයට ලක් වී තිබුණා.