159 වෙනි පොලිස් දිනයට සමගාමීව කොළඹ 2, පිහිටි නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල අද පෙරවරුවේ විවෘත කෙරුණා.
අමාත්‍ය ආනන්ද විජේපාල සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පතිතුමන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවයට මහජන ආරක්ෂක ලේකම් රවි සෙනෙවිරත්න, පොලිස් උසස් නිලධාරීන් රැසක් එක් වුණා.
හමුදා උත්තමාචාර පැවතීමෙන් අනතුරුව අමාත්‍යවරුන් අතින් නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ සමරු පලකය විවෘත කෙරුණා. එහිදී සර්ව ආගමික වතාවත් සිදුකිරීමට කටයුතු කරර තිබුණා. අනතුරුව පොලිස් මූලස්ථානයේ විවෘත කිරීමේ සටහන් පොතේ සටහන් තැබීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා.
159 වෙනි පොලිස් දින සැමරුමට සමගාමීව මේ දිනවල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.