මෙරට නිෂ්පාදිත ඖෂධ ලෝක වෙළඳපොළට

Share

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටුනායක කලාපයේ පිහිටි ‘යාදෙන් ලැබොරේටරීස්’ (Yaden Laboratories) සමාගම විසින් මෙරට නිෂ්පාදිත දියර එන්නත් (Liquid Injectables) සැම්බියානු රජයට අපනයනය කිරීම අද (03) ආරම්භ කළා. මෙය දේශීය සමාගමක් ජාත්‍යන්තර වෙළඳපොළට ඖෂධ අපනයනය කළ පළමු අවස්ථාවයි.

මෙම අපනයනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3ක් වන අතර, ශල්‍යකර්ම සඳහා භාවිතා කරන එන්නත් මෙහිදී නිෂ්පාදනය කර තිබෙනවා. සමාගමේ සභාපති ශෂිමාල් දිසානායක මහතා සඳහන් කළේ, දැනටමත් දේශීයව එන්නත් මිලියන 6කට වඩා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති බවයි. ඉදිරියේදී සෝමාලියාව, අසර්බයිජානය, යුරෝපා සහ ආසියානු රටවල් වෙත ද ඖෂධ අපනයනය කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ හරහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක ආදායමක් අපේක්ෂා කරන බවත් ඔහු පැවසුවා.

වැඩිවන ඇණවුම් සපුරාලීම සඳහා, ඇමරිකානු ඩොලර් මිලියන 10ක ආයෝජනයකින් කර්මාන්තශාලා පුළුල් කිරීමට ද සමාගම සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටුනායක කලාපයේ අධ්‍යක්ෂ රන්ජන් සිබේරා මහතා පැවසුවේ, මෙම සමාගමේ දායකත්වය දේශීය ඖෂධ අවශ්‍යතා සපුරාලීමටත්, අපනයන ආදායම ඉහළ නැංවීමටත් උපකාරී වන බවයි.

Read more

Local News