මෙවර (2025) 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙන අතර විභාග දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික් මට්ටමේ කඩඉම් ලකුණු ද ප්‍රකාශයට පත් කර ඇත. අගෝස්තු 10 වන දින පැවති මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 308,026 දෙනෙක් ඉල්ලුම් කර තිබූ අතර, ඉන් 303,670 දෙනෙක් විභාගයට පෙනී සිටි බවටයි වාර්තා වන්නේ.
විභාග දෙපාර්තමේන්තුවට අනුව, කඩඉම් ලකුණු ඉක්මවා ඇති සිසුන් සංඛ්‍යාව 51,969 කි.
5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස අයදුම්කරුගේ නිවැරදි විභාග අංකය ඇතුළත් කර ප්‍රතිඵල සටහන බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමේ හැකියාව ද ඇත.
පාසල්වල විදුහල්පතිවරුන්ට අද (සැප්තැම්බර් 4) සිට ඔවුන්ට ලබා දී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිතයෙන් අදාළ පාසල්වල විභාග ප්‍රතිඵල ලේඛන බාගත කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අභියාචනා සලකා බැලීමෙන් පසු අපේක්ෂකයන්ගේ තනි සහතික පත් පාසල් වෙත තැපැල් මගින් යොමු කරන බවයි.
