හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාරගේ නඩුව කල්යයි

Share

හිටපු අමාත්‍ය චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් 23 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. නඩුව කොළඹ මහාධිකරණ විනිසුර සහන් මාපා බණ්ඩාර ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර ඉල්ලා සිටියා.

ඊට අධිකරණයෙන් අවසර ලබා දුන් විනිසුරු වරය සංශෝධිත අධි චෝදනා පත්‍රයේ පිටපතක් විත්තියේ නීතීඥවරුන්ට ලබා දෙන ලෙස නියම කළා. ඉන් අනතුරුව අනතුරුව නඩුව යළි සැප්තැම්බර් මස 23 වනදා කැදවන ලෙස නියෝග කළා.

Read more

Local News