අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

Share

2025 සැප්තම්බර් 7 වන පොහෝ දින රාත්‍රී 8.58 සිට සැප්තම්බර් 8 වනදා අලුයම 2.25 තෙක් පැය 5 විනාඩි 27 ක පමණ කාලයක් ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පුර්ණ චන්ද්‍රග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාවක් අපට ලැබෙනු ඇත. මෙදිනදී සූර්යයා හා චන්ද්‍රයා අතරින් පෘථිවිය ගමන් කරන අතර පෘථිවියෙහි වඩා අදුරු වූ පූර්ණ ඡායාව තුලින් සදු ගමන් කිරිම හේතුකොට ගෙන පැය 1 කුත් විනාඩි 22 කාලය ක් තුල සඳු අදුරු වී යනු ඇත.

පුර්ණ චන්ද්‍රග්‍රහණ සමහර අවස්ථාවලදී පුර්ණ චන්ද්‍රග්‍රහණ “ බ්ලඩ් මූන්” හෙවත් ලෝහිත චන්ද්‍රයා ලෙස ද හඳුන්වනු ලැබේ. සූර්යයාගේ කිරණ පෘථිවි වායුගෝලය හරහා ගමන් කරන විට, ආලෝක වර්ණාවලියේ සමහර වර්ණයන් ප්‍රකිරණය නිසා විසිරී යනු ඇත. රතු තරංග ආයාම මෙහිදී අවම වශයෙන් බලපෑමට ලක්වන අතර සඳෙහි පෘෂ්ඨය වෙතට රතු ආලෝකය පතිත ව් පුර්න්චද්‍රග්රණය අවස්ථවෙදී චද්‍රයා අදුරු පැහැයට වඩා රත් පැහැයක් ගන්නා විට එම පුර්ණ චද්‍රග්‍රහණය “ බ්ලඩ් මූන්” වශයෙන් හදුන්වනු ලැබේ. මෙවර චන්ද්‍රග්‍රහණය ද එවැන්නකි.

Read more

Local News