දේශබන්දු පත් කිරීමට එරෙහි පෙත්සම් විභාගය සඳහා දින නියම වෙයි

Share

2025 පෙබරවාරි 12 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට අදාළ පෙත්සම් විභාගයට ගනු ලැබුවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ මෙම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස මෙම පෙත්සම් මගින් ඉල්ලා තිබෙනවා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබුවා. එහිදී විනිසුරු මඬුල්ල පෙබරවාරි 12 වන දින මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියෝග කළා.

කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව 9ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

Read more

Local News