බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් රජයේ අනුමත මත්පැන් විකිණූ රට බීම මත්පැන්හලක් තාවකාලිකව වසා දමා මුද්‍රා තැබීමට පියවර

Share

බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් රජයේ අනුමත මත්පැන් අලෙවි කල බගවන්තලාව ටින්සින් නගරයේ පිහිටි මත්පැන්සැලක් මුද්‍රා තබා තාවකාලිකව වසා දැමීමට (06) දින රාත්‍රියේ පියවර ගත් බව මධ්‍යම පළාත් සුරාබදු අධිකාරි ජානක පෙරේරා මහතා පවසා තිබෙනවා. එම මත්පැන්සැල රජයේ අනුමත මිලට වඩා මත්පැන් අලෙවි කරන බවට මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයට ලද පැමිණිලි කිහිපයක් මත මධ්‍යම පළාත් සුරාබදු විශේෂ ඒකකයේ නිළධාරීන් විසින් මෙහෙ‍යුමක් සිදු කර අදාළ මත්පැන්සල මුද්‍රා තබා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි ජානක පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Read more

Local News