තක්සින් ෂිනවාත්‍රාට එරෙහිව එල්ල වූ බලය අයුතු ලෙස භාවිතා කිරීමේ චෝදනාවට වසරක සිර දඬුවමක්

Share

තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්සින් ෂිනවාත්‍රාට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසරක සිර දඬුවමක් නියම කර තිබෙනවා. මෙම තීන්දුව ගනු ලැබුවේ රාජ්‍යයට බලපාන තීරණාත්මක නඩුවකට අදාළවයි.

වසර 15ක පිටුවහල් ජීවිතයකින් පසු, 2023 වසරේදී තායිලන්තයට පැමිණි තක්සින්, වංචා සහ බලය අයුතු ලෙස භාවිතා කිරීමේ චෝදනා මත වසර 8ක සිර දඬුවමකට මුලින් යටත් වුණා. කෙසේ වෙතත්, ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය සලකා බලමින් රජු විසින් එම සිර දඬුවම වසරක් දක්වා අඩු කෙරුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, චෝදනාවල බරපතලකම තිබුණද, තක්සින් සිරගෙදර නොසිටි අතර සෞඛ්‍ය ගැටලු හේතුවෙන් රෝහලක රඳවා සිටියා.

Read more

Local News