ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණයි.
ඒ අනුව, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න නිවේදනය කළේ, ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ඡන්ද 150ක බහුතරයකින් සම්මත වූ බවයි.

Share
Read more