අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් මොරටුව නගරය සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මෙම නියෝග නිකුත් කළා.