මහින්ද හමුවෙන්න දෙස් විදෙස් නියෝජිතයන් විජේරාම නිවසට

Share

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචිව සිටින කොළඹ, විජේරාම මාවතේ පිහිටි නිල නිවසින් අද (11) පිටත්ව යෑමට නියමිතයි.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත වීමත් සමඟම, හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී තිබූ නිල නිවාස රජයට නැවත භාර දිය යුතුය. ඒ අනුව, මහින්ද රාජපක්ෂ ද සිය කොළඹ නිල නිවසින් පිටත්ව හම්බන්තොට පිහිටි කාල්ටන් නිවස වෙත යෑමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම වාර්තාවත් සමඟ, අද උදෑසන දේශපාලනඥයන් සහ විදේශ නියෝජිතයන් පිරිසක් ඔහු හමුවීමට නිවසට පැමිණ තිබෙනවා.

මීට අමතරව, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන අයද තම නිල නිවාස රජයට භාර දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Read more

Local News