නව නීතියකට අනුව, හිටපු ජනාධිපතිවරුන්ට හිමි නිල නිවාස රජයට භාරදීමට සිදුවීම හේතුවෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (11) දහවල් 1.15 ට පමණ කොළඹ විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසින් පිටව ගියේය.
ඔහු තම නිල නිවසින් පිටත්ව හම්බන්තොට පිහිටි කාල්ටන් නිවස වෙත ගමන් ආරම්භ කර තිබෙනවා.