බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ හෙට (31) ලන්ඩන්හි ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ ලෝක කණ්ඩායමෙන් නියෝජනය කිරිමට නියමිත ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩයා ඉන් ඉවත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු එම කණ්ඩායමෙන් ඉවත්ව ඇති බව සදහන් වෙයි.
ඒ අනුව හර්දික් පාන්ඩයා වෙනුවට එම කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් ෂාමී ඇතුළත් කර තිබේ.