අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිටි තරුණයන් තිදෙනෙකු (16) දින පස්වරුවේ ගිනිගත්හේන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රීරෝද රථයකින් ගංජා ප්‍රවාහනය කරන බවට ගිනිගත්හේන පොලීසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති උ.පො.ප. ආර්.එම්. රණසිංහ බණ්ඩාර මහතා ලද තොරතුරක් මත මෙහෙයුමක් දියත් කර ගිනිගත්හේන බ්ලැක්වෝටර් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථය නතර කරපරික්ෂා කිරීමේදී ත්‍රීරෝද රථයේ රියදුරු සන්තකයේ එක් ගංජා පැකට්ටුවකුත් පසුපස අසුනේ ගමන් ගත් සැකකරු සන්තකයේ ගංජා පැකට් 14ක් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 01ක් තිබි හමුවී ඇත.

Share
Read more