ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට ඇප

Share

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.
ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා. විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු බවත් නියම කළා.

ඊට අමතරව නඩු විභාගය පැවැත්වෙන අතරතුර විත්තිකරුවන් අසනීප තත්ත්වයකට පත් වුවහොත් ඊට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටත් තවත් නියෝගයක් නිකුත් කළා. විත්තිකරුවන් සියලු දෙනා ලබන 26 වනදා ඇඟිලි සලකුණු ලබා දිය යුතු බවත් එදිනට පෙර සියලු ඇප කොන්දේසි සම්පූර්ණ කළ යුතු බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තියේ නීතිඥවරුන්ට නියම කළා.

Read more

Local News