ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (සැප්තැම්බර් 17) කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ නව ටැංකි 06 ක ඉදිකිරීම් ඇරඹුණා.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා පවසන්නේ රටේ තෙල් සංචිත ධාරිතාව ඉහළ දැමීමට ඔවුන් මෙමගින් අපේක්ෂා කරන බවයි.
ඉදිකිරීමට නියමිත ටැංකි 06 සඳහා ලීටර් 15,000 ටැංකි 03 ක්, ලීටර් 7,000 ටැංකි 02 ක්, සහ ලීටර් 5,000 ටැංකියක් ලෙස වර්ග වන අතර, එමගින් අමතර ලීටර් 64,000 ක ධාරිතාවක් සංචිතයට එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.