මෙම නඩුව 2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී රුපියල් මිලියන 75 කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම මගින් ගොනු කරන ලද්දකි.
මෙම නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අතර, ඇප මත මුදා හැර සිටින විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී සිටියා.
විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා නඩුවට අදාළ ලේඛන අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බව පවසමින් දිනයක් ඉල්ලා තිබෙනවා.
ඒ අනුවයි, අධිකරණය හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව නඩුවට අදාළ සාක්ෂි විභාගය ලබන ඔක්තෝබර් මස 22 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත්තේ.

Share
Read more