ඉකුත් දා නාරාහේන්පිට ප්රදේශයේ දී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් හිටපු අධ්යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව ගමන් ගත් වාහනයකට වෙඩි තැබීම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තුසිත හල්ලොලුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්රත් අධිකරණය නියම කළා.
ඒ අනුව සැකකරුවරු ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ලහිරු සිල්වා නියම කළා.
ඉන් අනතුරුව සැකකරු විදේශගත වීම තහනම් කිරීමටද නියම කෙරුණු අතර සැකකරුගේ විදේශ ගමන් බලපත්රය අධිකරණයට භාර දිය යුතු බවටත් නියම වුණා.




