පානදුරේ නිලංගගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට දින නියම කෙරේ

Share

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුරේ නිලංග නමැති සැකකරුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඔහුගේ මව විසින් ගොනු කරන ලද රිට් පෙත්සම ලබන 26 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (19) මෙම පෙත්සම කැඳවූ අතර, පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවයි මෙම දින නියමය සිදු කර ඇත්තේ.

CID අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති මෙම පෙත්සමෙන්, සැකකරුගේ ආරක්ෂාව තහවුරු කිරීමට අමතරව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා ඇති බව වැඩිදුරටත් සඳහන් වනවා.

Read more

Local News