පසුගියදා ඉන්දූනිසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාවක් පොලිසිය විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා හමුවට මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට එම වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ අදාළ සැකකරු රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදු කරන බවයි.
ගනේ මුල්ල සංජීව ඝාතනයට මෙම සැකකරු සම්බන්ධ දැයි වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිසිය පැවසුවා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් රඳවාගෙන සිටින මෙම සැකකරු මහේස්ත්‍රාත්වරයෙකු විසින් නිරීක්ෂණය කර තිබේදැයි විමසා සිටියා.
ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරීන් සඳහන් කළේ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සැකකරු නිරීක්ෂණයට ලක් කර තිබෙන බවයි. ඒ අනුව මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත් වරයා විමර්ශන නිලධාරීන්ට නියම කළා.