කටුනායකදී රුපියල් කෝටි දෙකක රන් බිස්කට් සඟවා ගත් ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරියා රේගු දැලේ

Share

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආරක්ෂාව සදහා අනුයුක්ත කර සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු තම සිරුරෙහි සගවා ගෙන , ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ රුපියල් කෝටි දෙකක් වටිනා රන් බිස්කට් තොගයක් අද දින(19) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංච් 37 හැවිරිදි ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ 17 වසරක් සේවයේ නිරත කෝප්‍රල්වරයෙක්.


ඔහු අද(19) දින අලුයම 02.00 ට පමණ ග්‍රෑම් 550 ක් බරැති රන් බිස්කට් 40 ක් තම ඉන ප්‍රදේශයේ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඔස්සේ පිට වී යාමට තැත් කිරීමේදී , මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. මේ වනවිට ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.

පසුගිය සතියේ මේ ආකාරයටම ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීවරයෙකු ද තම පාදවල සගවා ගෙන රුපියල් කෝටි 21 කට අධික රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කර රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබු බවට‍යි වාර්තා වන්නේ.

Read more

Local News