අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම ඉල්ලා අස්කර ගැනේ

Share

මහනුවර උඩවලව සෝම විහාරයේ විහාරාධිපති පූජ්‍ය වේවැල්දූව ඥානප්‍රභා හිමියන් ඇතුළු පිරිසක් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක පත්කිරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ඉල්ලා අස්කර ගත්තා.

මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලුණා. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි. ඒ අනුව, පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, එය නිශ්ප්‍රභ කිරීමටද නියෝග කළා.

පෙත්සම මගින් චෝදනා කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයා වෙත රංග දිසානායකගේ නම නිර්දේශ කිරීම සහ ජනාධිපතිවරයා විසින් එම පත්වීම සිදුකිරීම බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි.මහාධිකරණ විනිසුරු රංග දිසානායක අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කිරීම ඉකුත් ජනවාරි මස 10 වැනිදා සිදුවුණා.

Read more

Local News