මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘මග නැගුම’ ව්‍යාපෘතිය යටතේ කොන්ත්‍රාත් 112ක් සඳහා ගෙවීම් කිරීමේදී රජයට පාඩුවක් සිදුකළ බවට වන චෝදනා මතයි.
ඒ අනුව, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළා.
මීට අමතරව, සැකකරුගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර, මොරටුව මහ නගර සභාවට ඇතුළු වීමද වළක්වා තිබෙනවා.