එරට වේලාවෙන් පස්වරු 3.15ට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි

Share

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා අමෙරිකාවට පැමිණ තිබේ. අද (24) එරට වේලාවෙන් පස්වරු 3.15ට ඔහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි. මෙම සංචාරය අතරතුර, ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ තවත් රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන අතර, අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවීමට ද නියමිතය.

අමෙරිකානු සංචාරයෙන් පසු ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 සිට 30 දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වනු ඇත. එහිදී ඔහු ජපන් අධිරාජ්‍යයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී ද්විපාර්ශ්වික කරුණු සාකච්ඡා කිරීමට නියමිතය. මීට අමතරව, ටෝකියෝවේ පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ඇමතීමටත්, “එක්ස්පෝ 2025 ඔසාකා” ප්‍රදර්ශනයට සහභාගී වීමටත් ජනාධිපතිවරයා නියමිතව ඇත.

Read more

Local News