පසුගිය දිනවල පැවැති වැසි සහ සුළං හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක මේ වනවිට හානී වී තිබෙන විදුලි රැහැන් පද්ධති හා ට්‍රාන්ස්ෆෝමර්වලින් වැඩි ප්‍රමාණයක් මේ වනවිට යථාතත්ත්වයට පත්කොට ඇතැයි ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
පෙරේදා හටගත් තද සුළං නිසා තංගල්ල, බෙදි අත්ත, මිද්දෙණිය, වළස්මුල්ල, සූරියවැව හා හක්මන ප්‍රදේශවල බිඳ වැටී තිබූ විදුලි රැහැන් මාර්ග අද (30) වන විට ප්‍රතිසංස්කරණය කොට යථාතත්ත්වයට පත් කළ බව ඒ මහතා පැවසී ය.
දඹුල්ල, රාගල, කුණ්ඩසාලේ ආදී ප්‍රදේශවල ද හානියට පත් වූ විදුලි රැහැන් යථාතත්ත්වයට පත් කොට ඇති නමුත් රාගල ප්‍රදේශයේ අධිබල විදුලි කණුවක් කඩාවැටී ඇති අතර එය අලුත්වැඩියා කිරීම දැන් සිදුකරගෙන යන බව ද සඳහන් කළේ ය.