නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරින් භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වෙති

Share

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ ඊයේ (24) රාත්‍රී 9:00ට පමණ, පූජා භූමියේ පැවති ආගමික වතාවත්වලින් පසුව භාවනා කුටි වෙත වැඩම කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවට වාර්තා වනවා. කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේදී කේබල් කාර් රථය තුළ භික්ෂූන් වහන්සේලා 13 නමක් සිට ඇති අතර, ඉන් 7 නමක් අපවත්වී තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ අනෙකුත් හිමිවරුන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Read more

Local News