අද අළුයම් කාලයේ තලාව පොලිස් වසමේ කුරුණෑගල අනුරාධපුර මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී අනුරාධපුරය දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් වෑන් රථයේ ගමන් ගත් රියැදුරු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු සහ ලොරි රථයේ රියදුරු තුවාල ලබා තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වෑන් රථයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් මියගොස් තිබෙනවා. බරපතල තුවාල ලැබූ වෑන් රථයේ සිටි අනෙක් පුද්ගලයන් තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මෘත ශරීර තලාව සහ අනුරාධපුර රෝහල්වල මෘත ශරීරාගාරයන්හි තැන්පත් කර ඇති අතර වැඩිදුර විමර්ශන තලාව පොලිසිය මගින් සිදු කරනු ලබනවා.




