ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ව්‍යවස්ථාමය බැඳීම් අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් අමෙරිකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව අදාළ නිවේදනයේ සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, මෙම තීරණය අමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කටයුතුවලට බලපෑමක් නොකරන බව ICCය පවසා තිබෙනවා. ඒ අනුව, ඔවුන්ට 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට මෙන්ම ICCය සංවිධානය කරන අනෙකුත් තරගාවලි සඳහා ද සහභාගී වීමට අවස්ථාව හිමිවනු ඇත.




