මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නැමැත්තිය, ලබන 9 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම තීරණය ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සැකකාරියගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගමයි මෙම නියෝගය නිකුත් කළේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී කරුණු ඉදිරිපත් කළා.
මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ, මිද්දෙණිය අවට සිදුවූ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සැකකාරිය සම්බන්ධ වී ඇති ආකාරය දැක්වෙන සාක්ෂි ලබන නඩු දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.




