තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර සැමරුම් දිනය

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන “ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රායෝගික භාවිතයන්” පිළිබඳ සමුළුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සහභාගීත්වයෙන් 28 දා (හෙට) පෙ.ව. 9.30 ට කොළඹ 06, වෙරළ පාර, (Marine Drive) ග්ලෝබල් ටවර් (Global Tower) හෝටලයේදී පැවැත්වේ.

මෙහිදී “තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සමාජගත කිරීමේ වැදගත්කම” පිළිබඳ දේශනයක්ද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ සාර්ථකත්වයේ පියසටහන් හා රාජ්‍ය ආයතනයන් මෙම පනත පිළිබඳ ලැබූ ප්‍රායෝගික අත්දැකීම්ද සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට රජයේ උසස් නිලධාරීන් හා බස්නාහිර පළාතේ සියළු රාජ්‍ය ආයතනයන්හි තොරතුරු නිලධාරීන්ද සහභාගී වීමට නියමිතය.

 

Previous articleසියලු දෙනාට සාධාරණ නීතියක් යටතේ ජීවත්වන රටක් – රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා
Next articleරත්නපුර, කලුතර, නුවරඑළිය දිස්ත්‍රික්ක වෙත නාය යෑමේ අනතුරු අවදානමක්