එක්ස්ප්‍රස් පර්ල් වන්දි මුදල් නොගෙවූ සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නැයි නීතිපතිට නියෝග

Share

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුකරවලදී ගෙවීමට නියම කළ වන්දි මුදල් නොගෙවීම හේතුවෙන් එම නෞකාවේ විදේශීය සමාගමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බලා ලබන ජනවාරි මස 26 වැනිදාට කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නීතිපතිවරයාට නියම කළා.

මීට පෙර නිකුත් කළ නියෝග ක්‍රියාත්මක වී ඇති ආකාරය සොයා බැලීම සඳහා අදාළ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබෙනවා.

Read more

Local News