නුවරඑළිය පිදුරුතලාගල රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් කඳවුරු බැද නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර, (25) දින එම සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාංගනී ප්‍රබුද්ධිකා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගත් නිසා එම සකකරුවන්ට දඬුවම් ලබා දීමට ඔක්තෝබර් (16) වන දින දක්වා කල්තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
සැකකරුවන් අවසරයකින් තොරව ඉකුත් (07) වන දින පිදුරුතලාගල රක්ෂිතයේ කැරයන් යන ප්‍රදේශයට ඇතුළු වී කඳවුරු බැඳ කඳවුරු අවට ගිනි මැළ දල්වා සිටින බවට නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර තිබුණා.
අවුරුදු 25 – 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් 26 දෙනා අතර තරුණියන් දෙදෙනෙකු සිටින බවත් එම සැකකරුවන් ගාල්ල, පානදුර, කුරුණෑගල ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පිරිසක් බවත් එම පිරිස මුහුණු පොත හරහා හඳුනාගත් පිරිසක් බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.




