මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්රදේශයේ තාප්පයක් ඉදිකිරීමේ කටයුතුවල නිරතව සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීමේ ඛේදනීය සිදුවීමක් වාර්තා වී තිබෙනවා. සිද්ධියෙන් පස් යට සිරවී සිටි කම්කරුවන් මුදා ගැනීමේ මෙහෙයුම් වහාම ආරම්භ කර තිබෙනවා. කෙසේවෙතත්, මෙම අනතුරින් ඉදිකිරීම් කම්කරුවන් තිදෙනෙක් මියගොස් ඇති බවයි තහවුරු වී ඇත්තේ. පස් බැම්ම කඩා වැටීමෙන් සිරවී සිටි එම කම්කරුවන්ගේ මළ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කර ඇත්තේ.
Share
Read more




