විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට මාසිකව ශිෂ්‍යාධාර

Share

ජනාධිපති අරමුදල හරහා විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි වැඩබලන විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙම වැඩසටහන නව රජයේ දේශපාලන පරිවර්තනයක කොටසක් බවත්, ජනාධිපති අරමුදල ජනතාවගේ අයිතියක් බවට පත්කිරීම මෙහි අරමුණ බවයි සඳහන් කර ඇත්තේ.

සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්ව විද්‍යාල අධ්‍යාපනය හෝ වෘත්තීය පුහුණුව ලබන දරුවන් සඳහායි මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ. මාසිකව රුපියල් 5,000, 7,000, සහ 8,000 වැනි මුදලක් මෙහිදී පිරිනැමීමට තීරණය්ස් කොට තිබෙනවා. විදේශගත ශ්‍රමිකයින් රැකියා ස්ථානයේදී පීඩාවට පත් වූ විට, වැටුප් නොලැබුණු විට, අනතුරකට හෝ සිරගතවීමකට ලක් වූ විට ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම වැඩසටහන 2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන අතර, එම දිනට පසු ගැටලුවකට මුහුණ දුන් ඕනෑම අයෙකුගේ දරුවන්ට මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. එමෙන්ම විදේශ විනිමය රටට ගෙන එන ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම ඉතා වටිනා ක්‍රියාවක් බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.

Read more

Local News